ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ලංකාවේ ශ්‍රී මහ බෝධිය අවදානමක - රතු එළියක්
ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් ලෙස ද වැදගත් වන අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වටා කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධියේ ජීවයට බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර ඇති බව සඳහන්.
ඒ අනුව විශේෂඥයෝ සඳහන් කරන්නේ ශ්‍රී මහා බෝධිය අසල ඇති වැලි මළුව ටෙරකොටා ටයිල් යොදා ආවරණය කිරීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර විසින් මුල් වරට මේ පිළිබඳව අනාවරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ගිය අවස්ථාවේදී මහාචාර්යවරයා ශ්‍රී මහා බෝධියට ගොස් ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රතිසංස්කරණය කටයුත්ත දැක ඇති බව සඳහන්.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්
"ගොඩක් වෙලාවට දේශගුණ වෙනස්වීම්, තිරසර සංවර්ධනය පැත්තෙන් වැඩ කරන මනුස්සයෙක් විදිහට මම දැකපු රුවන්වැලි මහා සෑයක් ශ්‍රී මහා බෝධියක් තිබුණා අවුරුදු 20කට විතර කලින්. මේ මෑතක් වෙනකම් යම් තාක් දුරකට ඒක ආරක්ෂා වෙලා තිබුණා. ඒ ස්වාභාවික පරිසරයක් තිබුණා, නමුත් එක පාරට ම ඒක ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා."
"මම ඇතුළට ගියා ම, ඇතුළේ ලොකු චේන්ජ් එකක්. ඒක දරාගන්න බැරි මට්ටමේ චේන්ජ් එකක් තියෙනවා. මම උඩ මළුවට වෙනකම් ම ගියා, උඩ මළුවට යනකොට සම්පූර්ණ උඩ මළුව ම ටෙරාකොටා අල්ලලා තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මළුවට පල්ලෙහා මළුව සම්පූර්ණයෙන් ම ටෙරාකොටා අල්ලලා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කර ඇත.
එමෙන්ම ඒ පිළිබඳව නායක ස්වාමින් වහන්සේට ද පහදා දී, එහි ඇති ඉංජිනේරු තාක්ෂණික ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද මහාචාර්ය රංගික හල්වතුර කටයුතු කර ඇති බව සඳහන්.
මේ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර එදින ම එම ස්ථානය සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර එහි ගැටලු සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බව ද ඔහු පවසා ඇත.
එමෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂාවරයාගේ ඉල්ලීම අනුව ඔහු ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ද සකස් කර ලබා දී තිබෙනවා.
කෙසේ වුවද මේ සම්බන්ධව තවත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ඇමරිකාවෙන් ගෙන්වා ඇති අතර පරීක්ෂණ සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති බවත්, එය අනුමත වූ පසුව ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකරන බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්
මේ අතර වැලි තලාව මත ටෙරකොටා ටයිල් ඇතිරීමෙන් ශ්‍රී මහා බෝධියට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර පැහැදිලි කර ඇත.
ඒ, "ඕකෙන් වෙන්නේ එළියේ ඉඳලා ඇතුළට රස්නේ එන එක නවත්වන එක. එතකොට වෙන්නේ උඩින් එන රස්නේ පහළට යන්නේ නැහැ. උඩින් එන රස්නේ පහළට යන්නේ නැහැ කියන්නේ උඩ ලේයර් එක වෙනදාට වඩා රත් වෙනවා. එකෙන් ලොකු රිෆ්ලෙක්ෂන් එකක් එනවා ගහට. වැලි තියෙනකොට ඒ තියෙන රේඩියේෂන්වලට ඩිරෙක්ට් රේඩියේෂන් එකක් එනවා ගහට. යටිනුත් රේඩ්යේෂන් එකක් යනවා කියන්නේ ගහට දරා ගන්න බෑ ඒක, ගහ හැදිලා නැහැ ඒකට. ඉතින් අනිවාර්යෙන් ම ගහ ඊළඟ වර්ෂන් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ගහ මැරෙන්න ඕනේ."
මේ අතර මහාචාර්යවරයා විසින් සිය තාක්ෂණික අධ්‍යයනය සිදුකර පිටු 12කින් සමන්විත වාර්තාවක් සකස් කර ඇති අතර එහි නිර්දේශ 5ක් ද සඳහන් කර ඇති බව සඳහන්.