ජනමත විචාරණයකින් අනතුරුව ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණයක් ගෙන ඇත.
ජර්මානු නගරයක් වන ලිම්බර්ග් ඇන් ඩර් ලාන් (Limburg an der Lahn) නම් නගරයයි මෙසේ මුළු පරවි ගහනයම විනාශ කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබෙනුයේ.
මෙම තීරණයට සත්ව සංවිධාන දැඩි විරෝධයක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ. පරවියන්ගේ මළපහ නිසා මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන් වේ.
ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් කියා සිටියේ වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා තමන් කලකිරීමට පත්ව සිටින බවයි.