අද ඔබ කල්පනාකාරීම විය යුතුම දවසක්.. හේතුව මෙන්න මේකයි..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jun 23, 2024 11:54 PM GMT
krishani

krishani

Report

🟢මේෂ

මේෂ ලග්න හිමියන්ට අද යහපත් ප්‍රථිඵල ලැබෙයි.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ සහයෝගය ලැබෙයි.එමෙන්ම ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යයි.

🟢වෘෂභ

දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට හේතු වේ.නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

🟢මිථුන

අද ඔබට එතරම් යහපත් දිනයක් නොවේ. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකිය.ඒ බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි.

🟢කටක

විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමග මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස උත්සාහයෙන් යුතුව කටයුතු කරයි.

🟢සිංහ

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇත.ඒ බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

🟢කන්‍යා

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වේ.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි.ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.

🟢තුලා

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

🟢වෘශ්චික

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි.

🟢ධනු

අද ඔබට ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවයි.

🟢මකර

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි.එමෙන්ම ඔවුනගේ උදව් උපකාර ද ලැබෙයි.උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.

🟢කුම්භ

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

🟢මීන

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබෙයි. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.