‘සුදු කාන්තාවන්ට යට ඇඳුම් මහන්නත් සිදුවුණා’ - සජිත්

Sajith Premadasa Government Of Sri Lanka Latest Headlines Sinhala news NPP Government
By Shehan Aug 15, 2025 04:54 PM GMT
Shehan

Shehan

Report

මොනරාගල දිස්ත්‍රික්කයේ අලුතින් තේරී පත්වූ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ ඊයේ(14) රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල කළේය.

ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ සමයේදී බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව ඇති බව පැවසුවත්, බලයට පත්වූ පසු එය කළ නොහැකි බව පවසමින් ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන බවයි.

‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ ඇඟලුම් කර්මාන්තශාලා 200 ව්‍යාපෘතිය එවකට වත්මන් පාලක පක්ෂයේ නායකයන් විසින් "සුදු කාන්තාවන්ට යට ඇඳුම් මැසීම" ලෙස විවේචනය කළ බවත්, එහෙත් අද එම පක්ෂය විදේශීය ආයෝජකයින් 7 දෙනෙකුට කංසා වගාව සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබාදී ඇති බවත් විපක්ෂ නායකවරයා හෙළි කළේය. ව්‍යාපෘති 7ක් යටතේ අක්කර 64ක භූමි ප්‍රදේශයක කංසා වගාවට අවසර දී ඇත.

මැතිවරණයේදී ආණ්ඩුව පොරොන්දු වූ රුපියල් 50ක ඉන්ධන බද්ද ඉවත් කිරීම ඉටු නොවූ අතර, ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් බිලියන 884ක ණය බරක් ගෙවීමට සිදුව ඇත. මේ නිසා ඩීසල් සහ පෙට්‍රල් සඳහා රුපියල් 50ක බද්දක් පැනවීමට බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත්, වරායෙන් ආනයන මිලට ඉන්ධන ලබාදීමේ පොරොන්දුවද ඉටු නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

ආර්ථික අර්බුදයෙන් යළි යථා තත්ත්වයට - මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව

ආර්ථික අර්බුදයෙන් යළි යථා තත්ත්වයට - මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව

රජය ගොවි ජනතාව අතහැර දමා ඇති බවත්, ඔවුන් තම ඉඩම් උකස් කරමින් කෘෂිකාර්මික කටයුතු සිදුකළද, අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට අපොහොසත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. වැලිමඩ සහ ඌව පරණගම ප්‍රදේශවල අර්තාපල් ගොවීන් බරපතළ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කළේය.  

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න