‘අදානි’ සමාගමට වෙන්කළ සුළං විදුලි බලාගාර ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට සැලසුම්

Report

ඉන්දියාවේ ‘අදානි’ සමාගමට මන්නාරමේ මෙගාවොට් 250ක සහ පුනරින්වල මෙගාවොට් 234ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ ඉඩම් දෙක එම සමාගම විසින් ඉවත්වීමත් සමග, ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා නැවත ප්‍රදානය කිරීමට රජය බලාපොරොත්තු වේ.

මෙම තීරණය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

මෙම ඉඩම් දෙක ජාත්‍යන්තර ටෙන්ඩර් හරහා ‘අදානි’ සමාගමට හෝ වෙනත් ඕනෑම සමාගමකට ප්‍රදානය කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී, සාර්ථකත්වය සහ අඩුම මිල යෝජනාව මත ටෙන්ඩරය ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

මන්නාරම් දූපත තුළ පිහිටි ඉඩම එම ව්‍යාපෘතියට යොදාගැනීම සඳහා දූපතේ ජනතා නියෝජිතයන්ගේ කැමැත්ත මත පසුගිය 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණ ඇත.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයෙන් වටිනා දෙයක් මෙන්න

පුනරින්වල ඉඩම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය. එහෙත්, එහි ඉදිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 234ක සුළං විදුලි ව්‍යාපෘතියේ සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධව ගැටලුවක් පවතින බවත්, එම ගැටලු විසඳමින් මුලික කටයුතු සිදුකරන අතරම නැවත ටෙන්ඩර් කැඳවීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ඔන්ලයින් ක්‍රීම් ගෙන්න ගත්තද? මෙන්න ඒ අයට විශේෂ දැනුවත් කිරීමක්

ඔන්ලයින් ක්‍රීම් ගෙන්න ගත්තද? මෙන්න ඒ අයට විශේෂ දැනුවත් කිරීමක්