තිරිගු පිටි සහ පාන් මිල බස්සන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්..

Sri Lanka Businessman
By Aruna Sep 05, 2022 11:09 PM GMT
Aruna

Aruna

Report

සැප්තැම්බර් මස (15) වන විට තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

රටට අවශ්‍ය තිරිගු පිටි ගෙන්වීම සදහා ක්‍රියා කරන සමාගම් දෙක ඩොලර් ප්‍රශ්නය නිසා තිරිගු ගෙන්වීමේදී යම් ගැටළුවකට මුහුණ දුන්නත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ එම ආයතන වලට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවද නලීන් ප්‍රනාන්දු මෙහිදී පැවසීය.

නමුත් රුසියානු යුක්රේන යුධ ගැටුම් නිසා තිරිගු ගෙන්වීම ගැටළුවක් වීමත් ඉන්දියාව ඔවුන්ගේ පිටි අපනයනය කිරීම නතර කර දැමීමත් යන කරුණු හේතුවෙන්ද තිරිගු පිටි ගෙන්වීමේ දී රට විශාල ප්‍රශ්නයකට මුහුණ දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේවන විට ඩුබායි හා තුර්කි යන රටවලින් තිරිගු ගෙන්වීමට ආනයනකරුවන් කටයුතු කරමින් සිටින නිසා සැප්තැම්බර් මස (15) වන දින පමණ වනවිට රට තුළ ඇති තිරිඟු පිටි ගැටළුව පහව යනු ඇතැයි මෙහිදී පැවැසිය.

තිරිඟු ආනයන කරන සමාගම් හා කරනු ලැබු සාකච්ඡා වකදී මාසකට පමණ ප්‍රමාණවත් තිරිගූ ඔවුන් සතුව ඇති බව අනාවරණය වු බවද නලීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

ඒ අනුව එම තිරිගු පිටි කර වෙළඳ පොළට ඉදිරිපත් කිරිම ට උපදෙස් දුන් බවත් සෑම සතියකටම වරක් සමාගම් විසින් වෙළඳ පොළට නිකුත් කරන පිටි ප්‍රමාණය පරීක්ෂා කිරීම ට පාරිභෝගික අධිකාරිය ට උපදෙස් දී ඇති බවත් මාධ්‍ය හමුවේදී වෙළඳ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා අනාවරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now