පිටි මිල කාටත් නොකියාම ඉහල දමයි...

Sri Lanka Preema piti Bakary products
By Aruna Sep 03, 2021 03:26 AM GMT
Aruna

Aruna

Report

ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නැත.

මේ අධිකාරියට ලැබී ඇති පැමිණිලි මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ අතර සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ (02) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදන නිකුත්කර තිබුණි.

ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වේ.

එමෙන්ම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125කි. දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වේ.

මේ අතර සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් මෙම ගැසට් නිවේදනයෙන් නියම කර තිබේ.

කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද නියමකර ඇති බව එහි දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now