ජනාධිපති පොදු සමාව.....මෙදා පාරත් හිමි වේද ?
By Hashan
වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස ජනාධිපති පොදු සමාව හිමි වන රැඳවියන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණි පි. දිසානායක මහතා සනාථ කර සිටියා.
මේ අතර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් එළෙඹෙන 12 සහ 13 යන දෙදින සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්තාව ලබාදී තිබෙනවා.