සජිත් ප්‍රේමදාස එක්ක ප්‍රසාද් සිරිවර්ධන CIDයට එයි
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අද (12) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඔහු විසින් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක දී කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහාය.
ඔහු සමඟ සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද (12) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක්ව සිටියහ.
ඒ සඳහා පෙර පසුගිය 10 වනදා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබුණත්, එදිනට පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබීම නිසා අද (12) දිනයේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණීම සිදු වි තිබේ.