ඉගෙනගන්නේ නැතිව කසිප්පු තිප්පොළේ ලැග්ග ලාල්කාන්ත තමයි වනචරයා - උලපනේ සුමංගල හිමි
“වනචරයා” යන ආමන්ත්‍රණය මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ට නොව, හෙද සමුළුවකදී හෙදියන්ගේ ඉඟසුඟ ගැන අසභ්‍ය ලෙස කතා කළ පුද්ගලයා බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි අද (12) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.
මාධ්‍ය හමුවක් අමතමින් උලපනේ සුමංගල හිමි තවදුරටත් කියා සිටියේ;
“මිහින්තලේ නායක හාමුදුරුවන්ට වනචරයා කියලා ආමන්ත්‍රණය කරනවා. වනචරයා කියන්නේ කවුද කියන එක හොඳින් මේ රටේ මිනිස්සු දැනගත්තා, එදා නයිටින්ගෙල් පරපුර නියෝජනය කරන මේ රටේ හෙද සහෝදරියන් ඉඟසුඟ ගැන කියලා මහා කුණුහරුප විදිහට අසභ්‍ය විදිහට නිල ඇඳුමින් සිටි හෙදියන් ආමන්ත්‍රණය කළ විදිහෙන්.
ඒ නිසා අට පාස් වෙච්චි උන්නැහේ, අධ්‍යාපනයක් නැතිව ගල්ගුහාවල හිටපු ලාල්කාන්ත, කසිප්පු ගගහ අනුරාධපුරේ කසිප්පු තිප්පොළවල්වල ලැගපු ලාල්කාන්ත මේ රටේ අධ්‍යාපනය ගැන කතා කරනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන අවුරුදු තිහක් ගුරු විදුහල්පතිවරු විදිහට සේවය කරනවා. අපට අත්දැකීම් පළපුරුද්ද තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කළ සේවයක් තියෙනවා.
අධ්‍යාපනය ගැන වැඩියෙන්ම කතා කරන්නේ හාමුදුරුවෝ තමයි, අපි මිහිඳු හාමුදුරුවන් බුදු දහම සමග ගෙන සංස්කෘතිය ඉදිරියට ගෙනාවා. ඒකේ දිගුව තමයි, විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් පස්සේ විශ්වවිද්‍යාල වුණා. අනුරාධපුර මහා විහාරය ලෝකයේ දැවැන්ත විශ්වවිද්‍යාලයක් බවට පත්වුණා. ඒකේ වැලි පෑගිච්චා එකා මේ යටගියාව නොදැන රටට කුණුහරුප කියනවා.”