මෙරට විදුලි පාරිභෝගිකයන් දසලක්ෂයකට වැඩි ගාණක් ගැන ගත් විශේෂ තීරණයක් - වහාම ක්‍රියාත්මක කරලා..
ඊයේ (09) විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ ය.

ඒ විදුලි බිල ගෙවීමට නොහැකි වීම නිසා විදුලි පාරිභෝගිකයන් දසලක්ෂ හැට හතරදහස් හාරසියයකගේ විදුලිය විසන්ධි කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමක් ලෙසයි.
මේ අතර, විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සාකච්ඡාවට ලක් කෙරෙන යෝජනාවලියට අනුමැතිය ලබාදීමෙන් පසු එය මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරන බවට එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පැවසීය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
Sponsored By Sarrita Jewellery
                
                    
        
    