අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.
By Wayomi
විදුලි බිඳවැටීමත් සමඟ විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එම දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
එලෙස පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
You may like this video











