විදුලි කප්පාදුව ගැන රටටම සුබ පණිවුඩයක්.. අද හවස කරන්න යන දේ මෙන්න.
නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම සිකුරාදා තෙක් තවදුරටත් අක්‍රීය තත්ත්වයේ පවතින අතර හෙට සිට යළි විදුලි කප්පාදුව ක්‍රියාත්මක වීම පිළිබඳව තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
දිවයිනේම විදුලි සැපයුම ඉකුත් ඉරිදා පෙරවරුවේ බිඳවැටුණු අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කර තිබුණේ, පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම ඊට හේතු වූ බවය.
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවයක් අහිමි කරමින්, දිවයින පුරා විදුලිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රිය වුණා.
මේ හේතුවෙන් මෙගාවොට් 2,600 ක් වන දෛනික උපරිම විදුලි ඉල්ලුම සපුරා ගැනීමේදී පැන නැගුණු මෙගාවොට් 200ක හිඟය ආවරණය කර ගැනීමට විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදුන්නේ, පෙරේදා සහ ඊයේ පස්වරු 3.30 ත් රාත්‍රි 9 යි 30 ත් අතර කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදු කිරීමටයි.
නොරොච්චෝලේ බලාගාරය කඩිනමින් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරමින් සිටින බවයි, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ධම්මික විමලරත්න මහතා කියා සිටියේ.
එසේම අනිද්දාට පෙර එක් යන්ත්‍රයක් හෝ යොදාගෙන අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කිරීමට අපේක්ෂ කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.
නොරොච්චෝලේ බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම එම බලාගාරයේ දෝෂයක් නොවන බව, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
You May Like this Video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)