ලබන 08 වනදා සිට මුලු රටම අඳුරේ..දිවා රෑ දෙකේම සිදුවෙන්න යන දේ මෙන්න..

Power cut Sri Lanka Sri Lanka
By Aruna Dec 26, 2022 12:47 AM GMT
Aruna

Aruna

Report

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීම මේවන විට අර්බුදකාරී තත්ත්වයක පවතින බවත් ලබන 8 වැනිදා දක්වා පමණක් ගල්අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන ජනන යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍ර්ක් ටොන් හැත්තෑ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බලාගාරය සතුව ඇති බවත් බලාගාරයේ පාලන අධිකාරිය සඳහන් කරයි.

ඉදිරි දින කීපය තුළ මෙසේ බලාගාරය පවත්වා ගැනීමට හැකියාවක් පැවතියද ඉදිරියේදී ගල්අඟුරු සැපයීමට නොහැකි වුවවොත් කිසිම ආකාරයකින් බලාගාරය පවත්වා ගැනීමට නොහැකි බව පාලන අධිකාරිය කියා සිටී.

ගල්අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් බලාගාරය සතු ජනන යන්ත්‍ර තුනෙන් දෙවන යන්ත්‍රය ඉකුත් 22 වැනිදා සිට අක්‍රීය කිරීමට ද එහි පාලන අධිකාරිය කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now