අධි ආරක්ෂිත බන්ධනාගාරයේ මිය ගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

By Hashini Apr 05, 2025 09:50 AM GMT
Report

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ මිය ගිය රැඳවියාගේ මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද ගාල්ල, කරාපිටිය රෝහලේදී සිදු කෙරෙනවා.

රත්ගම පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට විමර්ශන ආර්ම්භ කර තිබෙනවා.

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

ඊයේ අළුයම එම රැඳවියා සිර මැදිරිය තුළ තුවාල ලබා වැටී සිටියදී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සඳහන් කළේ.

අනතුරුව, ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු, මියගොස් තිබෙනවා.

හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙක්.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිරමැදිරියේ සිටි සෙසු රැඳවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් ඇතැයි බවයි. 

බොරතෙල් බැරලයක මිල යළි පහලට

බොරතෙල් බැරලයක මිල යළි පහලට