රාජ්‍ය සේවාවක් දින තුනකට සීමා වේ..

Sri Lanka
By krishani Jun 29, 2022 01:04 AM GMT
krishani

krishani

Report

පවතින ඉන්ධන හිඟය නිසා මහජනයා අපහසුතාවයට පත් නොවන ලෙස එළැඹෙන ජුලි මස 10වන දින දක්වා සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා දිනවල දිවයින පුරා පිහිටා ඇති තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට කටයුතු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මහජනතාව වෙත විවිධ ආකාරයේ ගෙවීම් (මහජන ආධාර,වැඩිහිටි දීමනා වැනි) කිරීමටත් දේශීය හා ජාත්‍යන්තර තැපෑල මගින් තැපැල් භාණ්ඩ ලැබීමත් යන කරුණු මත මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩි ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha