2028 ඔලිම්පික් යන්න දැක්ක ක්‍රිකට් සිහිනය ශ්‍රී ලංකාවට සිහිනයක්ම වෙන ලකුණු
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව ලබන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.
මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබාදීමට බව සඳහන්.
එම තීරණය ගතහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕෂනියාවෙන් ඔස්ට්‍රේලියාව, යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව ලැබෙනු ඇති බව සඳහන්.
එසේම ඉතිරි කණ්ඩායම් ද්විත්වයෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇති බවත් සඳහන්. මේ නිසා සියවසකට වැඩි කාලයකට පසු ඔලිම්පික් උළෙලට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජිකයින්ට අහිමි වනු ඇති බවට තොරතුරු පළ වේ.
කෙසේ වෙතත් අවසන් වරට ඔලිම්පික් උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී තිබුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලටයි.
එසේම 2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග එම වසරේ ජූලි 12 සහ 29 කාලසීමාවේ පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී කාන්තා ඉසව්වක්ද පැවැත් වීමට නියමිත අතර ඒ වෙනුවෙන් ද කණ්ඩායම් 6කට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.
එසේම තරග විස්සයි20 ආකෘතිය යටතේ පැවැත් වනු ඇත.
