වරාය අධිකාරියේ සභාපති පුටුවට නව සභාපතිවරයෙක්
අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නව සභාපතිවරයෙක් තෝරා පත් කරගෙන තිබේ.
ඒ අනුව ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මෙම තනතුර භාර ගත්තේය.
මහින්ද පරාක්‍රම මහතා මීට පෙර සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කළ අතර වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වරාය අධිකාරියේ හා ජය බහාලුම් පර්යන්තයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කෙරූ පුද්ගලයෙකි.
මහින්ද පරාක්‍රම දිසානායක මහතා සමුද්‍රීය හා සැපයුම් ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති එක්සත් ජාතීන්ගේ වෙළද සහ සංවර්ධන පිළිබඳව සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානය සහ ආයතන රැසක් සමඟ කටයුතු කෙරූ පුද්ගලයෙකි.