තරුණියන් 286ක් සමග කැමරාව ඉස්සරහ නරකම ලිංගික ක්‍රියාකාරකම් කළ ජනප්‍රිය පුද්ගයෙක්ට සිදු වූ දේ.(PHOTOS)

Report

අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වූ පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස සි‍රදඬුවම් නියම වූයේ 29 හැවිරිදි මුහම්මද් සයින් උල් අබිදීන් රෂීඩ් නම් පුද්ගලයෙකුට බවයි පැවසෙන්නේ.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට..

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට..


විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරන්නේ, සුප්‍රසිද්ධ යොවුන් වියේ යූ ටියුබ්කරුවෙකු ලෙස පෙනී සිටි රෂීඩ්, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20කින් වින්දිතයන් 286ක් සම්බන්ධ චෝදනා 119ක් පිළිගෙන තිබෙන බවයි.

ළමාවියේදී පාකි­ස්තා­නයේ සිට සිය මාපි­යන් සමඟ ඔස්ට්‍රේ­ලි­යා­වට ගිය මේ පුද්ග­ලයා ලොව පුරා තරු­ණි­යන් රැසක් සමඟ අන්ත­ර්ජා­ලය ඔස්සේ වීඩියෝ තාක්ෂ­ණය මගින් ලිංගි­ක­ත්වය ඉස්මතු වන ආකා­රයේ සංවා­ද­වල නිර­තව ඇති අතර, පසුව එම සංවාද එම තරු­ණි­යන්ගේ පෙම්ව­තුන්ට හා සමී­ප­ත­ම­යන්ට යවන බවට තර්ජනය කර­මින් ඔවුන්ට කැම­රාව ඉදි­රියේ නිරු­වත් වන ලෙසට බල­පෑම් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටින්නේ.

ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙම නඩුව විස්තර කර ඇත්තේ, රටේ ඉතිහාසයේ "නරකම ලිංගික අපයෝජන සිදුවීම්වලින් එකක්" ලෙසයි. 

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


"මෙම මිනිසා ලොව පුරා වින්දිතයන් කෙරෙහි දක්වන නොසැලකිලිමත්කම සහ ඔවුන්ගේ දුක්ඛිතභාවය, නින්දාව සහ බිය ඕස්ට්‍රේලියාවේ නඩු පවරන ලද ඉතාම බිහිසුණු ලිංගික අපයෝජන නඩුවක් බවට පත් කරයි'' යන්න, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් ඩේවිඩ් මැක්ලීන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

GalleryGalleryGallery