දහස් ගණන් මිනිසුන් වෙනුවෙන් යුක්තිය සොයා ජනප්‍රිය නළු ජෙහාන් දීර්ඝ ගමනකින් පසු කුරුසයත් සමග කොළඹට ලබාවෙයි...(PHOTOS)(VIDEO)

Galle Face Protest Sri Lankan protests Sri Lanka Easter Attack Sri Lanka SL Protest
By Subodha Apr 22, 2022 07:04 AM GMT
Subodha

Subodha

Report

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදාවේ කොළඹ කතෝලික පල්ලි දෙකක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල උනා.

ඊට අමතරව මඩකලපුවේ සියොන් ක්‍රිස්තියානි දේවස්ථානයට ද මෙම ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයක් ඉලක්ක කෙරුණා.

ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාර හේතුවෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයින් පිරිස 223ක්.

ඊට අමතරව රටවල් 14 ක ට අයත් විදේශකයින් 46 දෙනෙකුටද මෙම ප්‍රහාරය හේතුවෙන් ජීවිතය අහිමි වුණා.

වසර 03ක් ගතවෙමින් පවතින විටත් ඒ සම්බන්ධව තවමත් වැරදිකරුවන්ට දඩුවම් හිමිවි නැත.

ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් උනු ජනප්‍රිය නළුවෙකු ලෙස ජෙහාන් අප්පුහාමි හදුන්වන පුළුවන්.

ඔහු මේ දිනවල රටේ පවතින තත්ත්වය අනුව ජනතාව නිරතවන අරගලයට දැඩි ලෙස සහයෝගය දක්වනවා.

ඒ සියල්ල වෙනුවෙන් දහස් ගණන් මිනිසුන්ගේ වෙනුවෙන් යුක්තිය සොයා ඔහු දින තුනක් පා ගමනින් ගාලුමුවදොර පිටියට යන බවයි ඔහු පවසා සිටින්නේ.

ඔහු ගේ මේ ගමනට කලා කරුවන් පිරිසක්ද එක්ව සිටින අයුරු දැක ගන්නට පුළුවන්.

එහි ඡායාරූප හා විඩියෝ පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now


GalleryGalleryGalleryGalleryGalleryGallery