හදිසියේම රාගමට පොලිස් ආරක්ෂාව තර කරයි..
රාගම රෝහල අවට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසනවා.
ඒ රිය අනතුරකින් අද අලුයම මිය ගිය සනත් නිශාන්ත මහතාගේ දේහය තවමත් රාගම රෝහලේ පවතින බැවින් සහ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එම රෝහලට පැමිණෙන නිසා බවයි පැවසෙන්නේ.
අද අලුයම දී කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් පසු ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ ඔහුගේ රියදුරු ඇතුලත් කෙරුණේ රාගම රෝහලටයි.
මේ වන විටත් රාගම රෝහලේ විශාල පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.