ශ්රී ලංකා පොලිසිය වෙතින් මහජනතාවට අනතුරු ඇගවීමක් - දැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම්දීමක්
ශ්රී ලංකා පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් 2026 මැයි 11 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව, කුලියට හෝ බදු පදනම මත ලබා දෙන නිවාස, මහල් නිවාස, ලැගුම්හල් සහ වාණිජ ගොඩනැගිලි ආශ්රිතව සිදුවන අපරාධ සහ වංචනික ක්රියාවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.
කෙටි හෝ දීර්ඝ කාලීන පදනම මත එම දේපළ ලබා ගන්නා ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් ඒවා විවිධ අපරාධ සඳහා යොදා ගන්නා බවට නිරීක්ෂණය වී ඇති බැවින්, දේපළ හිමිකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම අත්යවශ්ය බව පොලිසිය පවසයි. මෙවැනි අපේක්ෂා නොකළ වංචනික ක්රියාවන්ට තම දේපළ යොදා ගැනීම හේතුවෙන්, අදාළ ගොඩනැගිලි සහ නිවාසවල අයිතිකරුවන්ට විවිධ ගැටලුවලට මෙන්ම අපරාධ චෝදනාවන්ට පවා මුහුණ දීමට සිදුවන අවස්ථා විශාල වශයෙන් වාර්තා වී ඇත.
[19ZCIEH ]
පසුගිය වසරේ සිට 2026 වසරේ මේ දක්වා කාලය තුළ ආගාමික හා විගාමික නීති උල්ලංඝනය කළ විදේශීය ජාතිකයින් දිවයිනේ විවිධ ප්රදේශවල ලැගුම්හල් සහ නිවාස සංකීර්ණවල රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්ය වංචාවන් සිදු කිරීමේ ප්රවණතාවයක් දක්නට ලැබෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙලෙස රහසිගතව පරිගණක හා තාක්ෂණික උපකරණ යොදාගනිමින් අපරාධ සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් ප්රමාණාත්මකව ඉහළ ගොස් ඇති අතර, එවැනි අපරාධකරුවන්ට එරෙහිව ශ්රී ලංකා පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විටත් නීතිය ක්රියාත්මක කර ඇත.
මෙවැනි අපරාධ සහ නීති විරෝධී ක්රියාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පොලිස් ආඥා පනතේ 76 වන වගන්තිය පිළිබඳව පුරවැසියන් දැනුවත් වීම අතිශයින් වැදගත් වේ. එකී නීතිමය ප්රතිපාදනවලට අනුව, ඕනෑම නිවසක පදිංචි වී සිටින සියලුම පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමේ බලය පොලිසිය සතු වෙයි.
ඒ අනුව පවුලේ සාමාජිකයින්, නිවසේ සේවකයින් මෙන්ම තාවකාලිකව පදිංචියට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු අදාළ පොලිස් ස්ථානය වෙත ලබා දීමට ගෘහ මූලිකයා කටයුතු කළ යුතුය. තවද, පදිංචිකරුවන්ගේ යම් වෙනසක් සිදුවන සෑම අවස්ථාවකදීම, එනම් නව පුද්ගලයින් පැමිණීම හෝ පිටව යාම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට නිවාස හිමිකරු හෝ ගෘහ මූලිකයා බැඳී සිටින අතර, එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි නීතිමය වරදක් ලෙස සැලකේ.
තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?
සිය දේපළ කුලියට හෝ බදු පදනමට ලබා දෙන අවස්ථාවලදී ලබාගන්නා පුද්ගලයින්ගේ අනන්යතාවය සහ ඔවුන්ගේ අවශ්යතාවය පිළිබඳව පරීක්ෂාවෙන් කටයුතු කිරීම මගින් අපරාධ වළක්වා ගැනීමටත්, හිමිකරුවන්ට ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගැනීමටත් හැකිවනු ඇත. යම් සැකකටයුතු ස්ථානයක් හෝ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු ඇත්නම්, සෑම පොලිස් වසමක්ම කේන්ද්ර කරගනිමින් පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටුවල සාමාජිකයින් හරහා කඩිනමින් පොලිසියට දැනුම් දීමට අවස්ථාව පවතී. මීට අමතරව, දේශීය හෝ විදේශීය අපරාධකරුවන් නේවාසික ස්ථානවල රැඳී සිටිමින් සිදු කරන නීති විරෝධී ක්රියාවන් පිළිබඳව තොරතුරු ලද වහාම 119 හෝ 118 යන දුරකථන අංකවලට, එසේත් නොමැතිනම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ශ්රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.