ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - ලංකාවටම අනතුරු ඇගවීමක්
ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ සොරකම් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ගෘහ සේවක සේවිකාවන් සේවයට බඳවා ගැනීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස නිවෙස් හිමියන්ට විශේෂ උපදේශනයක් නිකුත් කර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව, මෑත කාලීනව ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වී ඇත්තේ ඇතැම් ගෘහ සේවකයන් තමන් සේවය කරන නිවෙස්වල ඇති රන් ආභරණ, මුදල්, විදේශ මුදල් සහ අනෙකුත් වටිනා දේපළ සොරා ගන්නා බවයි.
ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්
ඒ අනුව පොලිස් මුලස්ථානයෙන් නිකුත් කරන ලද නිවේදන පහතින්,
කොළඹ හා ඒ ආශ්රිත තදාසන්න මිරිහාන, මහරගම, දෙහිවල, ගල්කිස්ස හා එවැනි කොළඹට ආසන්න ප්‍රදේශයන් හි නිවාසවල ගෘහ සේවය සඳහා සේවක සේවිකාවන් යොදවා ගැනීම ඉහළ ප්‍රවණතාවයකින් සිදු වන අතර දිවයිනේ වෙනත් ප්රදේශවලද මෙසේ සේවකයන් සේවයේ යොදවා ගැනීම යම්තාක් දුරට සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් වෙයි.
මෙසේ ගෘහ සේවයට යොදවා ගැනීම බොහෝ විට නියෝජිත ආයතන, තැරැව්කරුවන් හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවෙස් හිමිකරුවන් සෘජුවම මෙහෙකරුවන් සොයා ගැනීම හරහා සිදු කරනු ලබයි. ඇතැම් අවස්ථාවල ගෘහ සේවයේ යෙදෙන තැනැත්තන් වංචනික ලෙස අදාල නිවසේ හිමිකරුවන්ගේ මුදල්, රන් ආභරණ, දේපල හා විදේශීය මුදල් ඇතුළු වටිනා දේ සොරකම් කරන ලද අවස්ථා පිළිබඳව පොලිස් ස්ථානයන් වෙතලැබී ඇති පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇත. මෙම පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීමේදී නිරීක්ෂණය වී ඇති පොදු කරුණු අනුව මහජනතාවට යම් මඟපෙන්වීමක් සිදු කරමින් මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට මහජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් ලෙස සලකනු ලැබේ.
ඒ අනුව, ගෘහ සේවය සඳහා තම නිවසට පුද්ගලයින් යොමු කරවා ගැනීමේදී පහත සඳහන් මහපෙන්වීම් සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව පෙන්වා දෙනු ලැබේ.
* ඇතැම් තැනැත්තන් සංවිධානාත්මකව ධනවතුන්ගේ නිවෙස් ඉලක්ක කර ගෘහ සේවයට පැමිණ ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ද සම්බන්ධ කර ගනිමින් මෙම සොරකම් කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.
* වංචාකාරී ලෙස පැමිණ කෙටි කලකින් එම නිවෙස්වල ගෘහ මූලිකයන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීම.
*ඕනෑම අයෙකු සේවයට බඳවා ගැනීමට පෙර ඔවුන්ගේ පසුබිම පරීක්ෂා කිරීම සිදු කිරීම.
* ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපක පරීක්ෂා කර සත්‍ය පිටපතක් බවට තහවුරු කර ගැනීම.
* ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමක් විය යුතු අතර, සේවයට යොමු කර ගනු ලබන අයවළුන්ගේ ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔවුන් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීම.
* ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හදිසි අවස්ථාවකදී ඇමතිය යුතු දුරකථන අංක කල්වේලා ඇතිව ලබා ගැනීම.
* නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක තැබීමට සැලකිලිමත් වීම.
* හැකි සෑම විටම ගෘහ සේවයට යොදවා ඇති තැනැත්තන් නිවසේ තනිවම නොතබා යාම සහ එසේ යාමට සිදු වන්නේ නම් වටිනා දේපළ වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට සුදුසු ක්‍රියා මාර්ග ගැනීම.
ඉහත ලේඛනවල පිටපත් නිවෙස් හිමිකරු පදිංචි පොලිස් වසමේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දී ඒ පිළිබඳව දැනුවත් කිරීම සිදු කල යුතු කාර්යක් වන අතර ගෘහයේ හිමිකරුවන් විසින්ද එම ලේඛණවල විස්තර වාර්තාවක් තබා ගැනීම වැදගත් වේ.
මෙම කරුණු සම්බන්ධව මහජනතාවගේ අවධානය යොමු කර කටයුතු කිරීම මඟින් මෙවැනි වංචනික ක්‍රියාවන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි.