ගුරු පත්වීම්වලට පාසල් මනාප පළ කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - කැඳවීමේ ලිපිය මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විශේෂයි

Report

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ පාසල් මනාප පළ කිරීමේ මාර්ගගත පද්ධතිය අද(17) දින සිට විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙම අවස්ථාව ලබා දී තිබෙන බවයි.

මෙහිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස එහි ඇති Teacher Recruitment Application System හරහා අදාළ පාසල් සඳහා තම මනාපය පළ කළ හැකියි.

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපිය සමඟ ලබා දී ඇති එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය හෙවත් OTP අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කළ යුතු වේ.

කෙසේ වුවත් තැපැල් මඟින් කැඳවීමේ ලිපිය මෙතෙක් ලැබී නොමැති අයදුම්කරුවන්ට එම ලිපිය ලැබෙන තෙක් පද්ධතියට පිවිසීමට හැකියාවක් නොමැති බව අමාත්‍යාංශය දැනුම් දෙන බව සඳහන්.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

එසේම ලිපි ලැබීමේ ප්‍රමාදය නිසා කලබල නොවන ලෙසත්, අදාළ සම්මුඛ පරීක්ෂණ දිනය දක්වා පද්ධතියට පිවිසීමට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

තවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ එදින වන විටත් කැඳවීමේ ලිපි නොලැබුණු අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනයේදී පාසල් මනාප පළ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ද පියවර ගන්නා බවයි.  

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න