අපරාධකාරයින්ට වැට බැඳීමට ඔබත් එක්වන්න- පොලිසියෙන් මහජනතාවට හදිසි ඉල්ලීමක්
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛ වගකීමයි. අපරාධකරුවන්ට සැඟවීමට හෝ නීතියෙන් මිදීමට කිසිදු ඉඩක් නොලැබෙන ලෙස අපි නිරන්තරයෙන් අවදියෙන් සිටිමින් නීතිය ක්‍රියාත්මක කරමු. සත්‍යය කෙතරම් කාලයක් සැඟවී තිබුණද, අවසානයේ එය නීතිය ඉදිරියේ හෙළිදරව් වේ. තාවකාලිකව වරදින් ජයග්‍රහණයක් ලැබූ බව පෙනී ගියද, නීතියේ ක්‍රියාමාර්ග හමුවේ සත්‍යයට සහ තම ක්‍රියාවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය හැකිය.
යුක්තිය ඉටු කිරීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍යය. ඔබ දන්නා අපරාධයක්, අසාධාරණයක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් පිළිබඳ තොරතුරු ඇත්නම්, බියෙන් තොරව අප වෙත දැනුම් දෙන්න. ඔබගේ වටිනා තොරතුරු සුරක්ෂිත සමාජයක් ගොඩනැගීමට සහ යුක්තිය තහවුරු කිරීමට මහත් පිටුබලයක් වේ.