ජොන්ස්ටන් ආ ගිය අතක් නෑ - හොයන්න පොලිස් කණ්ඩායම් විශේෂ පහක් යොදවයි

Report

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමි කර තිබේ. අදාළ විමර්ශනයට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසය.

වාසි පිට වාසි ලැබෙන හැබැයි දුර දිග නොබැලුවොත් කරදර පිට කරදර එන අද සුබ අසුබ ලග්න

වාසි පිට වාසි ලැබෙන හැබැයි දුර දිග නොබැලුවොත් කරදර පිට කරදර එන අද සුබ අසුබ ලග්න

ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට මේ වනවිට අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී ඇති බවද වාර්තා වෙයි.පොලිස් කණ්ඩායම් 5ක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර අත්අඩංගුවට ගත් ජොන්ස්ටන්ගෙ පුත් ජොහාන් ප්‍රනාන්දු අද (31) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්

මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්