මොන අපරාධයක්ද? කතෝලික පියතුමෙක්ව වටකරන් පොලිසියෙන් ගහලා මහපාරේ දාලා [PHOTO]
යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහරදුන් චෝදනාවට එලෙස පහරදුන් පොලිස් නිලධාරින්ගේ රාජකාරි වැඩ තහනම් කිරීමක් ද සිදුකර ඇත. පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරන ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගම්පහ මූලස්ථාන පොලීසිය වාර්තා කර ඇත්තේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහරදුන් චෝදනාවට ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් 06 දෙනෙක් ,(පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක්)අද (25) අලුයම අත්අඩංගුවට ගත් බවයි.
බලධාරීන් සදහන් කරන ආකාරයට ගම්පහ අස්ගිරිය වල්පොල ප්‍රදේශයේ මෙම නිලධාරින් රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බවත් එහිදී එම යතුරුපැදිය පසු පස පන්නාගොස් යතුරුපැදිකරු අල්ලාගත් බවත් පසුව එම අවස්ථාවේදී ඇති වූ යම් සිදුවීමක් මුල්කරගෙන පහරදීම සිදු වී ඇති බවත්ය.
ප්‍රහාරයට ලක්වූ පියතුමා කතෝලික සභාවේ නිකායක් මගින් පාලනය වන කොටදෙණියාවේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලක ලෙස කටයුතු කරන අතර දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍යා පූජව තබා එන අතරතුරේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
පොලිස් යතුරුපැදිකරුවන් විසින් පූජක පලදනාවෙන්ම සැරසී සිටි මෙම පියතුමාට දරුණු ලෙස පහර දී මහ මග දමා ගොස් සිටි අතර ඉන්පසුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. පසුව තමන්ට සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් පියතුමා විසින් කතෝලික සභාවේ ඉහළ පූජකවරු දැනුවත් කිරිමට කටයුතු කර ඇති අතර ඔවුන් විසින් පොලිසියට පැමිණිල්ල සිදු කර ඇත.
