පොලීසියේ උපන්දිනය දා පොලීසියෙම පිරිසක් කල දේ...

By Sithumi Sep 04, 2022 03:14 PM GMT
Sithumi

Sithumi

Report

පොලිසියට වසර 156 පිරිම නිමිත්තෙන් රටපුරා පොලිසිවල මහත් අභිමානයෙන් සැමරුම් උත්සව පවත්වද්දී අසාධාරණයට ලක්වූ පොලිස් සැරයන්වරුන් පිරිසක් තමන්ට උසස්වීම් ලබාදීමට උසස් නිලධාරින්ට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඥානය පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධ කෝවිලට ගොස් පොල් ගසා කන්නලව් කිරීමේ සිද්ධියක් පොලීසියෙන් ම වාර්තා වේ.

මෙම වර්ෂයට වසර 33 සහ 35 අතර මුළු සේවා කාලයක් සපුරා තිබෙන පොලිස් සැරයන්වරුන්ට වසර 15 ක කාලයක් සැරයන් තනතුරු ඉක්ම ගියත් මෙතෙක් උසස්වීම් ලබාදීමට කටයුතු නොකර මුනිවත රැකීම පොල් ගසා කන්නලව් කිරීමට ආසන්නම හේතුව බව එම නිළධාරීහු කියති.

තමන්ට වී තිබෙන අසාධාරණය පිළිබඳ පොලිසියේ ඉහළ නිලධාරීන්ට,පොලිස් කොමිසම වෙත ද,රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම හිටපු අගමැති සහ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දුන්නද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වැනි යැයි පොල් ගැසීමට සහභාගී වූ නිලධාරීහු පැවසූහ.