මෙන්න සුදුස්සෙකුට අවස්ථාවක්. - උසස් පුටුවකට අයදුම්පත් කැඳවයි.

Sri Lanka Police Government Of Sri Lanka Job Opportunity
By Wayomi Jun 18, 2024 06:02 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නම් එවැනි තැනැත්‍තකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලබයි.

ඒ, අනුව කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එකී පත්කිරීම බලාත්මක වූ විට තමා දරමින් සිටි ධුරය අත්හැරිය යුතු අතර රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් තවදුරටත් පත් කරනු ලැබීමට නුසුදුස්සකු වනු ඇත.

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.


මේ අනුව ඊට අදාලව අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


පසුව එය සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ජූලි මස 01 දින හෝ එදිනට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය ,ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව , ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.  

ජූනි 19 වන දින සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්. - නවතම කාලගුණ වාර්තාව මෙන්න.

ජූනි 19 වන දින සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්. - නවතම කාලගුණ වාර්තාව මෙන්න.