5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

Ministry of Education A D Susil Premajayantha Grade 05 Scholarship examination Education Teachers
By Wayomi Jun 17, 2024 06:52 AM GMT
Wayomi

Wayomi

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය මින් ඉදිරියට විභාගයෙන් පමණක් ගත නොහැකි බවත් ලකුණු සියයට 30 ක් 4-5 ශ්‍රේණිවල දී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතරවාරයේ උපයා ගත යුතු බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.


අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේ, දරුවා ව නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම වන අතර අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මඟින් සිදු කරන බවයි.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හි නියමු ව්‍යාපෘති 1, 6, 10 ශ්‍රේණි මුල් කරගෙන ලබන වසරේ දී (2025) ආරම්භ කරන බවත්, ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබාදීමට පියවර ගන්නා බවත්, එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇති බවත්, එමඟින් දක්ෂම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. 

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)