අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති තීරණයක් බවත් එම තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන බවත්ය.
මේ අතර පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
