මොහුව දුටුවොත් වහාම පොලිසියට කියන්න - ද්විත්ව ඝාතන සැකකරු අල්ලන්න මහජන සහාය පතයි [PHOTO]

Report

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

පසුගිය පෙබරවාරි මස 16වනදා සිදුකළ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද මෝටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙලෙස සහාය ඉල්ලා තිබේ.

මාරාන්තික වෛරස් දෙකක් එකට පැතිරෙයි - ලෝක සෞඛ්‍ය සංගමයෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අනතුරු ඇගවීමක්

මාරාන්තික වෛරස් දෙකක් එකට පැතිරෙයි - ලෝක සෞඛ්‍ය සංගමයෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අනතුරු ඇගවීමක්

මෙම සැකකරුගේ විස්තර පහත පරිදි වේ.

නම - කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ

ලිපිනය - වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව

ජා.හැ.අංකය -199714103549

මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය - 071- 859 2279

ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය - 071- 859 6065  

මොහුව දුටුවොත් වහාම පොලිසියට කියන්න - ද්විත්ව ඝාතන සැකකරු අල්ලන්න මහජන සහාය පතයි  | Police Seek Suspect In Akuregoda Double Murder