පැලවත්තම කම්පා කළ ඉත්තෑවාගේ මරණය - මරා රැගෙන ගිය පිරිස සෙවීමට පොලිස් විමර්ශන
ඉකුත් 03 වැනි දින අලුයම් කාලයේදී පැලවත්ත, පෙරේරා මාවතේදී ඉත්තෑවෙකු මරා රැගෙන ගිය පුද්ගලයන් හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව අඳාළ සිදුවීම, අසල නිවසක ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇතත් අදාළ ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය පැහැදිලිව දර්ශනය නොවී නොමැති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙක් අසල්වාසී නිවැසියන්ගෙන් සහාය ඉල්ලා සිටියද ඇතැම් නිවෙස්වලින් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් සඳහන්.
මේ අතර ජාතික සත්ත්ව අයිතිවාසිකම් සභාගයේ (JAN) සභාපති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මැදිහත්වීමෙන් අනතුරුව, ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට තලංගම පොලීසියේ නිලධාරියෙකු එම ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වේ.
එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ද පරීක්ෂණ සඳහා සහාය වීමට එම ස්ථානයට පැමිණ ඇත.
ඒ අනුව මෙම අහිංසක සත්ත්වයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීමට උත්සාහ කරන පිරිස් පෙන්වා දෙන්නේ, මෙසේ ප්‍රමාද වීමෙන් වැදගත් සීසීටීවී දර්ශන මකා දැමී යාමට සහ වෙනත් සාක්ෂි විනාශ වීමට ඉඩ ඇති බවයි.