ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා CIDය වෙත දුන් විශේෂ නිවේදනය.. (PHOTO)

Sri Lanka Police SL Protest
By krishani May 17, 2022 07:11 AM GMT
krishani

krishani

Report

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම උපදෙස් අනුව විමර්ශනවල දී දැනටමත් එම සිද්ධීන්ට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 22කුගේ නාමලේඛනයක් යොමුකර ඇති බවය.

එහි සඳහන් වන පුද්ගලයින් එම අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එම නීතිපති උපදෙස් අනුව තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන අනුව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery