ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

Report

අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා නිවේදනය කර ඇත්තේ පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විශේෂයෙන් පාසල් ආශ්‍රිතව අයිස් පලම්, බොම්බයිමොටයි, ටොෆි, බිස්කට් සහ සාරවිට ආශ්‍රයෙන් මාවා සහ බාබුල් විකිණීමේ ක්‍රමයක් පවතින බවය.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරන ආකාරයට එවැනි ව්‍යාපාරික තැනැත්තන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ වනවිට ඒ හා සම්බන්ධයෙන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙකුට සමාවක් හිමි නොවන බවත් කොකේන්, අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දණ්ඩනය හිමි වන වරදක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

සිය හිතවතුන් මෙම මත් උවදුරෙහි ගොදුරක් වීමට ප්‍රථම තම ප්‍රදේශයේ සැකකටයුතු යමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදීම මහජනතාවගේ වගකීමක් වන බවද මෙහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.