මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්

Report

පොලිස් නිලධාරීන්ට මසකට අවම ලෙස දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඉකුත් කාලය තුළ පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්වීම හේතුවෙන් ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබෙන අතර එම කරුණු සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව සඳහන්.

උත්සව සමයේ කුකුළු මස් මිල ගණන්වලට වෙන දේ - මස් සහ බිත්තර ගැන දැනුම්දීමක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගණන්වලට වෙන දේ - මස් සහ බිත්තර ගැන දැනුම්දීමක්

එමෙන්ම දැඩි කාර්යබහුලත්වය හේතුවෙන් සමහර පොලිස් නිලධාරීන්ට මාසයක් තුළ එකදු නිවාඩුවක් වත් නොලැබී තිබුණු අවස්ථා පිළිබඳවද අමාත්‍යාංශයට වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර ඉකුත් දිනවල ඉන්ධන පිරවුම්හල් අසලට ද පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබූ අතර QR කේතය ක්‍රියාත්මක වීමත් සමඟම පොලිස් නිලධාරීන් සමහර ඉන්ධන පිරවුම්හල් අසලින් ඉවත් කොට ඇත.

දුක් විඳපු විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්

දුක් විඳපු විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්

නව අවුරුද්දට සුරක්ෂිත ගමනක් - කොළඹ සහ ප්‍රධාන නගරවල විශේෂ පොලිස් වැඩපිළිවෙළ

නව අවුරුද්දට සුරක්ෂිත ගමනක් - කොළඹ සහ ප්‍රධාන නගරවල විශේෂ පොලිස් වැඩපිළිවෙළ