නව අවුරුද්දට සුරක්ෂිත ගමනක් - කොළඹ සහ ප්‍රධාන නගරවල විශේෂ පොලිස් වැඩපිළිවෙළ

Report

මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අවුරුදු සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවනු ඇති බවය.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික පහසුකම් විනාශයි

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික පහසුකම් විනාශයි

විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

මෙම විශේෂ වැඩපිළිවෙළ අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන අතර, අවුරුදු උත්සව සමය අවසන් වී ජනතාව නැවත ගම්බිම්වලින් නගර වෙත පැමිණෙන තුරු එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන අර්බුදය මැද රුසියාවත් පෙට්‍රල් අපනයනය නතර කරයි

ඉන්ධන අර්බුදය මැද රුසියාවත් පෙට්‍රල් අපනයනය නතර කරයි

"අලුත් අවුරුද්ද සඳහා විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් යොදනවා. ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවනවා. ඒ සමගාවීම වෙනත් වර්ෂවලට සමගාමිව. අපි කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව ඒ රථ වාහන සැලැස්මවල් සහ ආරක්ෂිත සැලැස්මවල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයට විශේෂයෙන් ගම්බිම්බලා යන ජනතාව වෙන්න පුළුවන් සහ නගරයට භාණ්ඩ ලබාගන්න එන අය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂයෙන් දැනුම්වත් කරලා අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට සැලැස්මක් යටතේ මහජනතාවට ආරක්ෂාව සහ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් 01 වෙනිදායින් පස්සේ ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් පළමු වෙනදා ඉදන් අවුරුදු අවසන් වෙලා ජනතාව ගම්බිම් බලා ගිහින් එනතුරු ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා."