දුක් විඳපු විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්
විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඒ අනුව මෙම කාර්යය සඳහා මුදල් ප්‍රතිපාදනද වෙන් වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල බොහොමයක මේ වන විට නේවාසිකාගාර ප්‍රශ්න උග්‍රවී පවතින බව සඳහන්.
එබැවින් ඒ සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමඟ ළඟදීම සාකච්ඡා කරන බවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පවසා ඇති බව වාර්තා වේ.