මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්
පොලිස් නිලධාරීන්ට මසකට අවම ලෙස දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ඉකුත් කාලය තුළ පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්වීම හේතුවෙන් ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබෙන අතර එම කරුණු සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව සඳහන්.
එමෙන්ම දැඩි කාර්යබහුලත්වය හේතුවෙන් සමහර පොලිස් නිලධාරීන්ට මාසයක් තුළ එකදු නිවාඩුවක් වත් නොලැබී තිබුණු අවස්ථා පිළිබඳවද අමාත්‍යාංශයට වාර්තා වී ඇති බව සඳහන්.
මේ අතර ඉකුත් දිනවල ඉන්ධන පිරවුම්හල් අසලට ද පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබූ අතර QR කේතය ක්‍රියාත්මක වීමත් සමඟම පොලිස් නිලධාරීන් සමහර ඉන්ධන පිරවුම්හල් අසලින් ඉවත් කොට ඇත.