පොලීසිය කොන්දේසි විරහිතව සමාව ගනී - හේතුව මෙන්න

Report

2022 වසරේ ආර්ථික අර්බුදය පැවති සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරු පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවට පොලීසිය කඩා වැදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකු එම නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

පොලීසිය විසින් සිදුකළ එම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරු දෙදෙනෙකු වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

ඒ අනුව එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී වෙදසිංහ, එවක ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ගාල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

එහිදී වගඋත්තරකරුවන් සඳහා පෙනී සිටි රජයේ නීතිඥවරිය වග උත්තරකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද සිටින බව පවසා ඇත.

ඊට අමතරව පෙත්සම්කරුවන්ගෙන් ලිඛිතව සමාව අයැද සිටීමේ ලේඛනයක් වග උත්තරකරුවන් විසින් අධිකරණයට භාර දෙන බව ද රජයේ නීතිඥවරිය සඳහන් කර තිබෙනවා.

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

එමෙන්ම එම සමාව පෙත්සම්කරුවන් විසින් භාර ගන්නා බව ඔවුන් සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සමථය සටහන් කර ගැනීමෙන් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර පොලිස් නිලධාරීන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කර ඇත්තේ,

"එදා සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම්කාර නීතිඥවරු පැමිණිලි කළේ ඔවුන් ගාල්ල ඉඳලා මේ නඩුවට ඇවිල්ලා තියෙනවා.මේ නඩුව සමථයට පත් කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ගැන අගය කරන්න. මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ" යනුවෙන්.

ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්

ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්

ඉන්පසු පෙත්සම් විභාගය අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කර තිබෙනවා. නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර සිටියේ ආර්ථික අර්බුදය පැවති 2022 වසරේ ජූලි මස 6 වන දින නීතිඥවරු පිරිසක් ගාල්ල කොටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

එහිදී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් නිලධාරින් එම විරෝධතාවට බාධා කරමින් විරෝධතා පුවරු ඉරා දැමීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

අඳාළ ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්