ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Report

වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කිරීමත් සමඟ ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම කෙමෙන් කෙමෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පෙරදිවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමඟ මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.

කෙසේ වුවත් කළු ගඟේ මිල්ලකන්ද මධ්‍යස්ථානයට අනුව මේ දක්වා සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළා.

රටටම පීඩනය දෙන අඩුපීඩන කලාපය තවමත් ඊසානේ - මහ වැසි මැද අද 1 න් පස්සේ වෙන දේ දන්වයි

රටටම පීඩනය දෙන අඩුපීඩන කලාපය තවමත් ඊසානේ - මහ වැසි මැද අද 1 න් පස්සේ වෙන දේ දන්වයි

එසේම අත්තනගලු ඔයේ ජල මට්ටමද ක්‍රමයෙන් පහළ යමින් පවතින බව පෙන්වා දුන් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ දක්වා ද සුළු ගංවතුර තත්ත්වයක් අත්තනගලු ඔය ආශ්‍රිතව පවතින බැවින් අත්තනගලු ඔයේ පහළ ස්ථාන වන ගම්පහ, කටාන, වත්තල වැනි ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසයි.

එමෙන්ම කැළණි ගඟ ආශ්‍රිතව හංවැල්ල ප්‍රදේශයට තවදුරටත් වර්ෂාව ඇද හැලෙමින් පවතින බවත් ඒ අනුව අද දිනයේද වර්ෂාව ලැබෙන කාලගුණික තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ගංගාවල ජල මට්ටම් පිළිබඳ සැලකිලිමත් වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

මේ අතර ඊයේ (15) සවස් කාලය වන විට ප්‍රධාන ජලාශ 73න් 22කට ආසන්න ප්‍රමාණයක් මධ්‍යම ප්‍රමාණයේ වැව් 19ක් වාන් දමමින් පවතින බව සඳහන් කළ ඔහු ඉදිරි වර්ෂාපතන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වාන් දොරටු විවෘත කිරීම් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළා.

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

සියලුම ගුරුවරුන්ට සුබ ආරංචියක් - පඩි වැඩි කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්