පොලිස් නිලධාරියෙකුගේ අතක් සපා කෑ පුද්ගලයෙකුට වුණ දේ.

Police Sri Lanka Mathara Gandara
By Aruna Sep 27, 2021 08:17 AM GMT
Aruna

Aruna

Report

අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් විරෝධය පා පොලිස් නිලධාරියෙකුගේ අතක් සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගන්දර ප්‍රදේශයේදීයී.

පුද්ගලයින් 07 දෙනෙකු පසුගිය 25 වනදා මානුෂ්‍ය ඝාතනයක සාක්ෂිකරුවෙකුගේ නිවසක් අසලට පැමිණ පහරදීමක් සිදුකර තිබුණා.

එහිදී, අසල්වාසීන්ට පරහදීමක් සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119ට තොරතුරක් ලැබී තිබුණ අතර එම පණිවුඩය මත අදාළ නිවස ඉදිරිපිට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා.

එම නිලධාරීන් විසින් කඩුවක් අතැතිව ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු එයට විරෝධය පා පොලිස් නිලධාරියෙකුගේ අතක් සපාකා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 39 හැවිරිදි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු ගන්දර පොලීසිය විසින් ඊයේ (26) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now