අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ
අලුත් අවුරුදු සමයේ පොලිසියේ රාජකාරි කරන සියලු දෙනාට විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියළු පොලිස් නිලධාරීන් වෙත දන්වා ඇත
. එසේ සුළු නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකල යුතු බවටත් තවදුරටත් දන්වා තිබේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් භාර නොගත යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇත. මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ.