මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න - හිමිනමක් ලෙස පෙනී සිටින අයෙක් අල්ලා ගැනීමට පොලිසියෙන් මහජන සහය පතයි
කොස්ගම පොලීසිය විසින් නිකවැරටිය ප්රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්යැයි පවසමින්, කොස්ගම ප්රදේශයේ නිවාස වෙත ගොස් භාණ්ඩ සහ මුදල් එක්රැස් කරන ලද චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.
මෙම පුද්ගලයා මෙලෙස මහජනතාවගෙන් පරිත්යාග ලෙස එකතු කරනු ලබන භාණ්ඩ සහ ද්රව්ය සවස් කාලයේදී විවිධ ස්ථානවල අලෙවි කර මුදල් උපයාගෙන ඇති බව පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලිවලට අනුව වාර්තා වේ.
පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන කොස්ගම පොලීසිය, මෙම චීවරධාරියාගේ ක්රියාකාරකම් පිළිබඳව හෝ ඔහු සැරිසරන ස්ථාන පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි.