රටම හොල්ලපු මන්නා රමේෂ්ගේ නිවසට පොලීසිය කඩා පැනලා - ගේ ඇතුළේ වලත් දාලා.. එළියට ආ පැටිකිරිය..

Report

පොලීසිය විසින් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේ දී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයාගැනීමට හැකි වී තිබෙනවා.

රටම හොල්ලපු මන්නා රමේෂ්ගේ නිවසට පොලීසිය කඩා පැනලා - ගේ ඇතුළේ වලත් දාලා.. එළියට ආ පැටිකිරිය.. | Police Goes To Manna Rameshs House

ඒ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.

ඒ ඔහුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබිය දී ය.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයා ගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබිය දී වේ.

බස්නාහිර පළාත් දකුණ දිසාව, අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් සැකකරුව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සිදු කෙරෙයි.

රු.35,000ක දීමනාවක්?. කරන්න යන මේ දේ ගැන දන්නව ද?.

රු.35,000ක දීමනාවක්?. කරන්න යන මේ දේ ගැන දන්නව ද?.


කෙසේ වෙතත්, අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත දින අනුවක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත ය.