පොලීසියෙන් අලුත් පැටවුන් 13ක්..
By Sewvandhi
ශ්‍රී ලංකා පොලීසිය විසින් ජුනි මස 05 වනදා පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට නිල සුනඛයින් 35 දෙනෙකු ආනයනය කර තිබුණි.
ඉන් බැලලියන් දෙදෙනෙකු විසින් පැටවුන් 13 දෙනෙකු බිහි කර තිබේ. පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසන්නේ, තවත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් බිහි කිරීමේ සූදානමින් පසුවෙන බවයි.
ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Spaniel) වර්ගයේ Tempard නම් නිල සුනඛයා විසින් පිරිමි පැටවුන් 03ක් සහ ගැහැණු පැටවුන් 03ක් ද, Lea විසින් පිරිමි පැටවුන් 03ක් සහ ගැහැණු පැටවුන් 04 දෙනෙකු බිහි කර ඇත.
පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසන්නේ, මෙම පැටවුන් මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ නිරෝගීව පසුවෙන බවයි.
නව පැටවුන් බිහිවීම තුළින් රුපියල් මිලියන 25කට වැඩි මුදලක් ඉතිරි කරගැනීමට ශ්‍රී ලංකා පොලීසියට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් ය.