කොස්ගොඩදී පොලිසියට වෙඩි - පාතාල සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
By Aylin Zoya
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට පාතාල කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු විසින් කොස්ගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරුව සැකකරුවන් දෙදෙනාම ගිනිඅවි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, ඝාතනයක් සිදුකිරීම සඳහා ගමන් කරමින් සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් විසින් නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි.