මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පොලිස් කොස්තාපල් මාට්ටු

Report

අලුත් කඩේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගත් බවට සැකකෙරුණු හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු, කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම සැකකරු, මරදාන පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිට, වැඩ තහනමකට ලක්ව සිටින අවුරුදු 26 ක් වූ පොලිස් කොස්තාපල්වරයෙකි.

කෙසෙල්වත්ත අලුත්කඩේ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගන්නා විට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 11.6 කට ආසන්න ප්‍රමාණයක් ඇත.

පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ, සැකකරු රාජකාරි තහනමට ලක්ව සිටි අතර, ජංගම දුරකථනයක් බලයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බැවින්, පොලිසිය අධිකරණයෙන් සැකකරුවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලුම් කළා.

ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් දයාරත්න ඊයේ (20) නියෝග කළේ, සැකකරුවා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බවයි. 

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න