තත්ත්වය දරුණු වේ - සෞඛ්‍ය අංශත් සීරුවෙන්
මේ වන් විට පවතින අධික වර්ශාව හේතුවෙන් රට තුළ ගංවතුර තත්ත්වයක් හෝ අනෙක් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට වෛද්‍ය සහන සැලසීම සඳහා වෛද්‍ය කණ්ඩායම්, හෙද කණ්ඩායම් සහ ඖෂධ සූදානමින් තබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
මෙම කටයුතු සඳහා, ආපදා අවදානම් ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය සිදු කරමින්, ඒ සඳහා යොමු කළ යුතු වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය සමඟ එක්ව වෛද්‍ය කාර්ය මණ්ඩලයන් යොමු කළ යුතු ස්ථාන හඳුනා ගැනීම ආරම්භ කර ඇති බවයි.
තවද, ගංවතුර තත්ත්වය දැඩි වුවහොත් නාවික හමුදාවගේ සහය ලබා ගනිමින් විපතට පත් වූවන්ට වෛද්‍ය ආධාර ලබා දීමට සූදානම් බවද ඔහු වැඩිදුර පැවසීය.
GMOA අවධාරණය කරන්නේ, ආපදා තත්ත්වයකදී ජනතාවට වෛද්‍ය පහසුකම් ලබා දීම තම සංගමයේ සාමාජිකයින්ට අලුත් දෙයක් නොවන බවයි.
එම නිසා 5000කට වැඩි පිරිසක් මේ වනවිට අවතැන් වී ඇති බැබින් සියලු අංශ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටිති.