හදිසි ආපදාවන්ට මුහුණ දීමට විශේෂ යුද හමුදා කණ්ඩායම්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩ මහතා සදහන් කළේ සෑම දිස්ත්‍රික්කයක් සදහා මේ වන විටත් යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණයෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

මම මේ හැමදේම කරේ යුරෝප් රටකට පැනගන්න ආසාවෙන් සෙව්වන්දි ඔක්කොම හෙළි කරයි

මම මේ හැමදේම කරේ යුරෝප් රටකට පැනගන්න ආසාවෙන් සෙව්වන්දි ඔක්කොම හෙළි කරයි

ඒ අනුව ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ සහයෝගයට මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සදහාද යුද හමුදා කණ්ඩායම් මෙලෙස යෙදවීමට කටයුතු කර ඇත.    

තත්ත්වය නරක අතට - 5000ක් පීඩනයට

තත්ත්වය නරක අතට - 5000ක් පීඩනයට